කරුණාකර මෙහි ඇති අවදානම් පිළිගැනීමේ දැන්වීම හොදින් කියවා, එහි ඇති කරුණු වලට එකඟ වන්නේ නම් පමණක් මගේ Video සහ අන්තර්ගතයන් නරඹන්න. එම දැන්වීම නොකියවා මග හැරීමෙන් ඔබට සිදුවන පාඩු / අලාභ සදහා මම වගකිවයුතු නැත.
මගේ Video හෝ අන්තර්ගත වලදී ඔබ සමග බෙදා ගන්නා සහ ඔබට ඉදිරිපත් කරන සියලුම කරුණු අධ්‍යාපනික හා තොරතුරුමය අරමුණු සඳහා පමණක් වේ. Video / Post වලදී මා විසින් පල කරන අදහස් සියල්ලම මගේ පෞද්ගලික අදහස් වන අතර, ඒවා මූල්‍ය, ආයෝජන හෝ වෙළඳ උපදෙස් ලෙස සලකනු නොලැබිය යුතුය.
Cryptocurrency සහ කොටස් වෙළඳපොළ ආයෝජන වලදී ඉතා වැඩි අවදානමක් පවතී. වැරදි ලෙස සිදු කරන ආයෝජන හෝ වෙනත් හේතු නිසා ඔබගේ මුදල් අහිමි විය හැකි බව කරුණාවෙන් සලකන්න.
ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර, ඔබ ඔබේම පර්යේෂණයක් සිදු කිරීම හෝ වෘත්තීය මූල්‍ය උපදේශකයකුගෙන් උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.
මම ඔබ සමග කිසිම හේතුවක් මත, කිසිදු අවස්තාවකදී, Call / Message හෝ වෙනත් ක්‍රමයක් මගින් පුද්ගලිකව සම්බන්ධ නොවන අතර ඔබගෙන් මුදල් හෝ Password වැනි සංවේදී තොරතුරු ඉල්ලා සිටින නෑ. මගේ නම හෝ චායාරූපය භාවිත කරමින් ඔබව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන වංචාකරුවන් සිටින බැවින් ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න!
ඔබගේ සියලුම මූල්‍ය තීරණ සඳහා වගකීම සම්පූර්ණයෙන්ම ඔබ සතු අතර, ඔබට සිදුවන කිසිදු මූල්‍යමය හෝ වෙනත් අලාභ සඳහා මම වගකිවයුතු නොවේ.
මෙම නාලිකාවේ ඇති සමහර සබැඳි (links) හවුල්කාරිත්ව සබැඳි (affiliate links) වේ. ඔබ එම සබැඳි මත ක්ලික් කර ක්‍රියාත්මක වුවහොත් — උදාහරණයක් ලෙස ලියාපදිංචි වීම, තැන්පතු කිරීම හෝ මිලදී ගැනීම — ඔබට අමතර පිරිවැයක් නොමැතිව මට කමිෂන් එකක් ලැබිය හැක.
ඔබගේ පුද්ගලික තොරතුරු සහ දත්ත එම third-party වෙබ් අඩවිවල privacy policy එකට අනුව කළමනාකරණය වන අතර, එහි ඇති ගැටලු / අවාසි සඳහා මම වගකිව නොහැක. (විශේෂයෙන්ම Crypto Exchanges වල ආරක්ෂාව ගැන මට සහතික විය නොහැක.)
කරුණාකර ඔබගේම විනිශ්චය අනුව සහ අවධානයෙන්ම මෙම affiliate සබැඳි භාවිත කරන්න.
Crypto Exchanges වල ආරක්ෂාව හෝ පැවැත්ම ගැන මට වගකියන්න බෑ. ඒ නිසා ඔයාගේ Cryptocurrency Crypto Exchange වල තියාගන්න එපා.
Cryptocurrency තියාගන්න ලෝකයේ තියන අතරමංගල ආරක්ෂිතම විදිහ තමයි Hardware Wallets භාවිත කිරීම.
Trade කරන්න අවශ්‍ය ප්‍රමාණය විතරක්, අවශ්‍ය වෙලාවට පමණක් Exchange වල තබාගෙන, බොහෝ අගය Hardware Wallet එකක තබාගන්න.
2025 නොවැම්බර් 17 (සඳුදා) — පෙර තිබූ Risk Disclaimer දැන්වීම වඩාත් හොදින් සංස්කරණය කර Telegram Channel එකේ Pin කරන ලදි.
2025 නොවැම්බර් 17 (සඳුදා) — පෙර තිබූ Risk Disclaimer දැන්වීම වඩාත් හොදින් සංස්කරණය කර Telegram Channel එකේ Pin කරන ලදි.